නව පොලිස්පති කවුද..? ඇමති ටිරාන් කියයි..
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ, ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සති තුනක සේවා දිගුවක් ලබාදුන්නේ තමා සමග ද සාකච්ජා කිරීමෙන් පසුව බවයි.
පොලිස්පතිට සති තුනක සේවා දිගුවක් ලබාදී ඇත්තේ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස්ට දැනුම්දීමකින් තොරව බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී, ඇමැතිවරයා මේ බව සඳහන් කළා.
”මම පසුගිය සතියේ විදේශගතවෙලා හිටියේ. එම සංචාරය පිටත්ව යාමට පෙර ජනාධිපතිතුමා ඔය කාරණය සම්බන්ධයෙන් මා සමග දීර්ඝව සාකච්ජා කළා. දින කිහිපයකින් ජනාධිපතිතුමා ද චීනයේ සංචාරයකට සහභාගිවීමට නියමිතව තිබුනා. ඒ නිසා අප දෙදෙනාම යලි පැමිණෙන තෙක් තවත් සති තුනක් පොලිස්පති ධුරයේ වැඩබැලීමට සී.ඩී.වික්‍රමරත්න ට පැවරීමට තීන්දු කළා. ඒ නිසා ජනාධිපතිතුමා විෂයබාර අමාත්‍යවරයාගේ දැනුවත් භාවයකින් තොරව එම සේවා දිගුව ලබාදී ඇතැයි මාධ්‍ය වාර්තා පලවී ඇත්තනම් එය මුළුමනින්ම පදනම් විරහිතයි ” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියේය.