වැඩ කරද්දී ඇති වෙන කම්මැලික නැති කරන Tips.
ගොඩක් අය අයිස් ගහන්න හරි කැමතියිනේ. හැබැයි එහෙම කම්මැලි වුණොත් නම් ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්. ඒකෙන් සමහරවිට ඔබට ලොකු දෙයක් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම job එක වුණත්. සිංහලෙන්ම කියනවා නම් සුපිරියටම කෙවිලා යන්න පුළුවන්. ඒ නිසා පොඩි පොඩි වැඩ මඟ අරගන්නේ නැතිව ඔය බොරින් ගතියත් නැති කරගන්න පුංචි Tips ටිකක් කියන්නම්.
- වැඩක් කර කර ඉන්න ගමන් කම්මැලිකමක් ඇති වෙනවා නේද? අන්න ඒ වෙලාවට ඔබ මොකද කරන්නේ?..phone අතට අරන් facebook එකේ උඩ පහළ යනවා, එක්කෝ film එකක් බලනවා. හැබැයි ඒකෙන් වෙන්නේ ඔබට වැඩ කරන්න තියෙන කාලය අපතේ යන එක විතරයි. ඒ වගේ වෙලාවට ඔබට පුළුවන් විනාඩි 5ක්,10ක් වගේ කාලයක් අරගෙන mails වලට reply කරන්න, youtube එකේ හෝ facebook හෝ ඕනෑම එකකින් වැදගත් video එකක් බලන්න. ඒ කියන්නේ දැනුමට යමක් එකතු වෙන විශේෂාංගයක්, භාෂාවක් ඉගෙන ගන්න හෝ, ඔබේ job එකට අදාළ දෙයක් ඉගෙන ගන්න.
- කම්මැලිකමක් ඇති වුණාම වේලාවටම උත්සහ කරනවා. 9.00 වෙද්දී වැඩක් කරන්න තියෙනවා නම් නැගිටින්නේ 8.55ට, ඔය 55ට නැගිට්ටත් තව විනාඩි 2ක් නිදාගන්නවා කියලා ආයේ නිදාගන්නවා. මේ වැරැද්ද ගොඩක් අය කරන දෙයක්. හැබැයි ඒකෙන් මේකෙන් වෙන්නේ ඔබේ නැකත පහුවෙන එක විතරයි. ඒ නිසා පුළුවන් නම් හිත රැවට්ටගන්න 9.00 තියෙන වෙලාව 8.30 on වෙන්න ඕන කියලා. එතකොට කලින්ම ඇහැරෙයි. වැඩ පටන් ගන්න පරක්කු වෙලා කවුරු බැන්නත්, කලින් පටන් ගත්තා කියලා බනින්න කවුරුත් නැහැ. ඔබේ වැඩ ටික ලේසි වෙනවා මිසක්.
- කම්මැලි වුණාම වැඩේ දමලා ගහලා පැත්තකට වෙන්න එපා.කොහොමහරි වැඩේ දවස්ගණන් අදින්නත් එපා. මුලින්ම වැඩේ භාරදෙන්න ඕන ඩෙඩ් ලයින් එක බලන්න. වැඩෙන් කොටසක් තෝරාගෙන, මං අද මේ ටික විතරක් කරනවා කියලා හිතාගන්න . ඊට පස්සේ ඔයාට දිගටම වැඩ ටික කරගෙන යන්න හිතේවි. අදම ඉවර කළොත් ඉතිරි දවස් ටිකේ මට නිදහසේ ඉන්න පුළුවන් නේද කියලා හිතන්න.