තවත් බිහිසුණු ටිපර් රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකුට සිදු වූ දේ.(PHOTOS)
Sri Lanka Police
Jaffna
Accident
By Aruna
යාපනය - මහනුවර A- 9 මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේදී ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටුණු අනතුරට යතුරු පැදියක් මැදිවීම නිසා එහි ගමන් ගත් දෙදෙනෙකු ඊයේ (24) දිනයේ බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කළ පුවතක් වාර්තා වනවා.
මෙම මාරාන්තික අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වවුනියාව රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පැවසෙන්නේ.
මෙම අනතුරේදී බොරළු පටවා ගෙන ගිය ටිපර් රථය මහපාර මැද පෙරළී යාම නිසා A- 9 මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ටිපර් රථ දෙකම අධික වේගයෙන් ගමන් කිරීම නිසා ඒවයෙහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති බවයි.
මාන්කුලම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Sponsored By Sarrita Jewellery



