ගෙදරදීම හදලා කන්න රස ටිපිටිප් Recipe එකක්.
ටිපි ටිප් කන්න කවුද අකමැති. හැබැයි මේ දවස් වල නම් ටිපිටිප් එකක් ගන්න හිතන්නවත් බැහැ නේද? අන්න ඒ නිසා මේ කියන්න යන්නේ ගෙදරදීම රසම රස ටිපිටිප් එකක් හදලා හදාගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
* තම්බා පොඩි කර ගත් අල කෝප්ප 1 ( අල ගෙඩි 3ක් පමණ)
* පාන් පිටි මේස හැදි 4
* කිරි කෝප්ප 1/2 ( fresh milk හෝ පිටි කිරි)
* ඊස්ට් තේ හැදි 1 1/2
* කෝන් පිටි තේ හැදි 2
* කහ
* ලුණු තේ හැදි 1/2
* චීස් මේස හැදි 1
* පයිපින් බෑග් එකක්
සදා ගන්නා ආකාරය
- තම්බා ගත් අල ටික ඉතාම හොඳින් පොඩි කර ගන්න
- ඉන්පසුව cheese ස්පෙඩ් ටික එකතු කර ගන්න ( අපිට සාමාන්‍ය චීස් වුනත් එකතු කර ගන්න පුළුවන් )
- ඒ වගේම කහ කුඩු ටික , ඊස්ට් ටික , කෝන් පිටි ටික එකතු කර ගන්න.
- රස අනුව ලුණු එකතු කර ගන්න.
- ඉන් පසුව කිරි ටික ටික එක්කර අනා ගන්න.
- අනා ගත්ත අල මිශ්‍රණය පිපෙන්නට විනාඩි 30ක් පමණ තබා ගන්න.
- පිපෙන්නට තිබූ අල මිශ්‍රණය පයිපින් බෑග් එක ඇතුලට දමන්න ( අවශ්‍යනම් නම් Nozzle එකක් පාවිච්චි කරන්න )
- රත් වූ තෙල් තාච්චියට සාදා ගත් මිශ්‍රණය පයිප් කරන ගමන් කතුරකින් කපා ගන්න ( පොඩි ප්‍රමාණ බෝල )
- ඉන්පසු රන් වන් පාට වන තෙක් බැද ගන්න..