කථන ආබාධිත දෙමව්පියන්ගේ 11 හැවිරිදි දැරිය දූෂණය කළ Tik Tok "කිරි සමන්ට" ඇතුළු පිරිසට අවසානයේ අත් වූ ඉරණම..

dehiwala mulleriyava Tik Tok kri saman
By Sewvandhi Jan 17, 2022 07:55 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

එකොළොස් හැවිරිදි දැරියක් රවටාගෙන සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින්වර දූෂණය කළ බව කියන "ටික්ටොක් කිරි සමන්" ඇතුළු තරුණයන් සිව් දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකුව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වුණේ එලෙස දූෂණයට ලක්වී ඇත්තේ කථන ආබාධිත මව්පිය යුවළකගේ එකම දැරිය බවය. එකොළොස් හැවිරිදි අදාළ දැරිය මේ වනවිට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඉකුත් ජනවාරි 01 වනදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගීවීම සඳහා නිවසින් පිටවී ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට දැරියගේ දෙමව්පියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

එදින පැය කිහිපයකට පසු දැරිය නිවසට පැමිණීමෙන් අනතුරුව පොලීසියට ඇතිවූ සැකයක් මත දැරිය පොලීසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව සිද්ධිය හෙළිකරගැනීමට හැකිවී තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now