රටපුරා සොරකමේ ගිය ත්‍රිරෝද රථ අපරාධ කල්ලිය - ඔබත් සැලකිලිමත්වන්න..

Nihal Talduwa Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 24, 2023 12:51 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින්, ත්‍රිරෝද රථ මගීන් ලෙස සහ රියදුරන් ලෙස ගමන් කරමින් ජනතාවගේ දේපොළ සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, 

"එම සැකකරුවන් ත්‍රීරෝද රථයේ ගමන් කරන අවස්ථාවේදී ඒ ත්‍රීරෝද රථයේ රියදුරා වෙන්න පුළුවන් නැත්නම් එම සැකකරුවන් සමග යන මගීන් වෙන්න පුළුවන්. එම සැකකරු මේ ගමන් කරන පුද්ගලයින් සමග සුහදව කටයුතු කරමින් යම් ආකාරයකට අතරමඟ දී බීමට යමක් දෙනවා. ඒ පානය කළාට පස්සේ යම් ආකාරයක සිහි මුර්ජාවක් එනවා.

ඊට පසුව මේ සැකකරුවන් විසින් යම්කිසි වටිනා කියන මුදල් සහ රත්‍රං බඩු පැහැරගැනීමක් කරනවා. පසුගිය දිනක පුද්ගලයෙක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ක්ලාන්ත හැදිලා වැටිලා හිටියා. පසුව මේ පුද්ගලයා රෝහල්ගත කරලා මේ පිළිබඳ විමර්ශන කිරීමේදී මේ ගැන අනාවරණ වුණා. ඒ අනුව සැකකරුවන් සොයාගත්තා." බවයි.

එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක්ගෟවුසුර් අමීර් මොහොමඩ් නම් 33 හැවිරිදි තිහාරි ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා සෙල්ලයියා චන්ද්‍රමෝහන් නොහොත් මෝහන් නැමති 44 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙකි.අනෙක් සැකකරු අබ්දුල් සත්සාර් මොහොමඩ් ඩිල්ෂාන් නොහොත් ඩිල්ෂාන් නම් 33 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයට අපරාධ සිදුකර ඇති අතර රුවන්වැල්ල, වේල්ලවිථිය, මහරගම, හංවැල්ල, ගම්පහ, බියගම, වේයන්ගොඩ, වැලිමඩ යන ප්‍රදේශවල පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ

"වැලිමඩ ප්‍රදේශයේදී 2020 12 07 වනදා වයස අවුරුදු 80ක පුද්ගලයෙක් මේ ආකාරයට අතුරුදන් වෙලා තියෙනවා. ඒ වගේම 2021.10.27 මෙවැනි සිදුවීමකින් වයස අවුරුදු 42ක පුද්ගයෙක් අතුරදන් වෙලා තියෙනවා. මෙතෙක් ඔවුන් සොයා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් මේ සැකකරුවන් පොලීසිය සැකකරනවා." යනුවෙනි.

ප්‍රසිද්ධ තැනක නොහොබිනා ලෙස හැසිරුණු දරුවන් - ජෝඩු 24ක් අල්ලයි

ප්‍රසිද්ධ තැනක නොහොබිනා ලෙස හැසිරුණු දරුවන් - ජෝඩු 24ක් අල්ලයි