නගර මධ්‍යයේ ගිනිගත් ත්‍රීරෝද රථය...(PHOTOS)

Nuwara Eliya Sri Lanka Accident
By Sithumi Oct 25, 2022 01:36 PM GMT
Report

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් (25) දින පස්වරුවේ ගිනිගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය. 

 නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ත්‍රි රෝද රථයට ඉන්ධන ලබා ගෙන නුවරඑළිය ලවර්ස්ලිප් ප්‍රදේශයෙ පිහිටි නිවස කරා ත්‍රි රෝද රථය ධාවනය කරන අවස්ථාවේ නුවරඑළිය නගරයේ බස් නැවතුම් පලට යාබදව පිහිටි නගර සභා පුස්ථකාලය අසලදි ත්‍රි රෝද රථයේ එන්ජිම දෙසින් ගින්න හටගෙන ඇත.

ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ ඒ අසල සිට පිරිසක් ගින්න පාලනය කිරිමට විවිධ අයුරින් උත්සහ කලද එය ව්‍යාප්ථ වු අවස්ථාවේ ඒ අසල පිහිටි වෙලදසැලක තිබු ගිනි නිවන උපකරණයක් රැගෙන විත් ත්‍රි රෝද රථයේ ඇවිලෙමින් තබු ගින්න නිවා දැමිමට එම වෙලදසැලේ සේවකයා සමත් විය.

ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ මව , පියා සහ දියනිය ගමන් කර ඇති අතර , ත්‍රි රෝද රථය ධාවනය කර ඇත්තේ පියා විසින්ය. ගින්නේන එම තිදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery