පියාගේ කරදර දරා ගැනීමට නොහැකිව කපා කොටා මරා දමයි..මෙරටින් ඇසෙන අධිසංවේදී පුවත..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Apr 02, 2023 12:46 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 සිය පියාගේ කරදර ඉවසා ගැනීමට නොහැකිවූ පුතුන් දෙදෙනෙකු විසින් පියාව ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය. ඒ, යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙනි.

අදාළ ඝාතනය සඳහා පුතුන් දෙදෙනාගේ මිතුරෙකු ද හවුල් වී ඇති අතර ඔවුන්ව ඊයේ (01) අත්අඩංගුව ගත් බව යාපනය කොඩිකාමම් පොලීසිය පැවසීය. පොලීසිය පැවසූවේ, මිරුසුවිල් ප්‍රදේශයේ වගා බිමක පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී සැකකාර තිදෙනා අත්අඩංගුවට ගත් බවය.

ඝාතනයට ලක්වී ඇත්තේ, මිරුසුවිල් ප්‍රදේශයේ ඉඩමක වගා කරමින් ජීවත්වු 43 හැවිරිදි ශිවසෝති ශිවකුමාර් නම් පුද්ගලයෙකි. එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය පුද්ගලයාගේ පුතුන් වන 17 හැවිරිදි හා 19 හැවිරිදි තරුණයින් දෙදෙනාවය.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා 19 හැවිරිදි තරුණයෙකි. පියාව ඝාතනය කිරීමෙන් අනතුරුව වැඩිමහල් පුත්‍රයා හා ඔහුගේ මිතුරා තුවාල සහිතව රෝහල්ගතවී ඇති අතර, එහිදී පවසා ඇත්තේ කිසියම් පිරිසක් පැමිණ තම පියාව ඝාතනය කොට පළාගිය බවය.

තමන් පියා බේරාගැනීමට උත්සාහ කිරීමේදී තමන්ටද කැපුම් තුවාල සිදුවූ බව වැඩිමහල් පුත්‍රයා පොලීසිය වෙත පවසා තිබුණි. එහෙත් මියගිය පුද්ගලයා දැනට වසර දෙකක කාලයක සිට බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන්වී ජීවත්වී ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බාල දරුවාගෙන් සිදුකළ විමසීමේදී බාල දරුවා පවසා ඇත්තේ පියාගේ කරදර ඉවසා ගැනීමට නොහැකිව තමන් පියාව ඝාතනය කළ බවය. 

 අත්අඩංගුවට ගත් පුතුන් දෙදෙනා හා ඔවුන්ගේ මිතුරා යාපනය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now