ප්‍රහාරයකින් තිදෙනෙක් මිය යයි - හේතුව මෙන්න..

By krishani May 06, 2022 08:00 AM GMT
Report

මධ්‍යම ඊශ්‍රායලයේ සිදුකර ඇති ප්‍රහාරයකින් තිදෙනෙක් මියගොස් ඇත.එරට පොලීසිය පැවසුවේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කරන බවයි.

රථවාහන නවතා තබන ස්ථානයකට ඇතුළු වූ දෙදෙනෙක් එහි සිටි පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහර දී තිබු අතර එම ප්‍රහාරකයින් සොයා පොලීසිය මාර්ග බාධක යොදා පරීක්ෂණ සිදුකරයි.

ඊශ්‍රායලයේ නිදහස් දිනය නිමිත්තෙන් එරට විවිධ සැමරීම් පැවැත්වෙන අතරතුර මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි.