ශිරන්ති රාජපක්ෂට අපේක්ෂිත ඇප නැහැ
Shiranthi Rajapaksa
Latest Headlines
Sinhala news
Breaking News
By R.rishma
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවට එරෙහිව ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.
අදාළ ඇප අයදුම්පත පසුගිය 06 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කිරීමට ද අධිකරණය පියවර ගෙන තිබිණි.
ඒ අනුව, අද දින අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.