හවස තේ එකට ගෙදර ඔක්කෝටම කන්න රසම රස තෝසේ හදමු..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jun 29, 2022 09:41 AM GMT
Subodha

Subodha

in රචනා
Report

තෝසේ කියන්නෙ ඉන්දියන් කෑමක් උනාට අපේ අයත් හරි හරියට කන්න ආස කෑමක්නේ. සාම්බාර් හොද්ද එක්ක කන නෝමල් තෝසෙ එකෙන් එහාට ගිය රස රැසකින් තෝසේ හදාගන්න හැටි අද කියලා දෙනවා. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • උඳු ඇට 250 g‍
  • සහල් පිටි 450 g
  • කෝරා හෝ තැම්බූ හාල් මිටක් පමණ (මෙමඟින් මිශ්‍රණය වඩා මෘදු කර ගැනීමට හැකියාව ලැබේ.)

සාදන ක්‍රමය

  • උඳු ඇට පැය 6 ක් හෝ 8 ක් පමණ වේලාවක් පොඟවා අඹරා ගන්න. ඉන්පසු ඊට සහල් පිටි සහ ලුනු ද එක්කර, පැය 8 ක පමණ කාලයක් පිපෙන්න තබන්න. පසුව එළඟිතෙල් ස්වල්පයක් ළිප තබා, සිහින්ව කපාගත් ලූණු, කරපිංචා එක්කරගෙන තරමක් බැදුණු පසුව එය ඉහත පිටි මිශ්‍රණයට එක්කර ගෙන හොඳින් මිශ්‍රකර ගන්න. දැන් වඩා උකු නොවූ සහ දියාරු නොවන සේ ජලය එක්කරමින් පිටි මිශ්‍රණය සකස් කරගන්න. තෝසේ සෑදීමට භාවිත කරන තැටියට තෙල් ස්වල්පයක් තවරා, ළිප තබා රත්වෙන්නට හැර, සකස් කරගත් තෝසේ මිශ්‍රණය ගෙන, හැන්දක් භාවිතයෙන් එයට වක්කරමින් තෝසේ පිසගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now