බිරිඳගේ අනියම් සැමියා බිහිසුණු ලෙස ඝාතනය කළ උප ලුතිනන් වසර හයකට පසු අල්ලයි..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 07, 2023 01:40 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වසර හයකට පසු අද (07) බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කර රහසිගත ජීවිතයක් ගත කළ හමුදා උපලුතිතන්වරයකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

ඔහු මෙම ඝාතනය සිදු කර ඇත්තේ, ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ ආපණ ශාලාවක් තුළ දී බව වාර්තා වෙයි.මෙම  සැකකරු යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනි කඳවුරේ සේවය කළ නිලධාරියකු වන අතර, ඔහු ඝාතනය සිදු කළ සමයේ ම හමුදාවෙන් පලා ගිය අයෙකි.

 පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙන්නේ,සැකකරු විවාහයන් දෙකක් සිදු කරගෙන ඇති බවත් ඝාතනය කර ඇත්තේ, දෙවන විවාහයේ බිරිඳගේ අනියම් සැමියා ව බවත්ය.

එනම් 2017 මාර්තු 26 වන දා සැකකරුගේ දෙවන බිරිඳ, ඇයගේ අනියම් සැමියා සමඟ ආපණ ශාලාවක ආහාර ගනිමින් සිට ඇති අතර, එම ස්ථානයට පැමිණි සැකකරු, මිය ගිය තැනැත්තාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ආණමඩුව-තෝණිගල-කුමාරගම පදිංචි 36 හැවිරිදි සේනාධීරගේ දුමින්ද ප්‍රදීප් නමැති බස් රථ රියදුරෙකි.

සැකකරුගේ බිරිඳ මෙම මිය ගිය පුදගලයා සමඟ කලක පටන් අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකාර උපලුතිතන්වරයා එම සබඳතාව නවතා දැමීමට දැඩි වෙහෙසක් ගෙන ඇති බව වාර්තා වෙයි.න්මුත් බිරිඳ දිගින් දිගට ම එම ඇසුර පැවැත්වීම ඉවසා ගත නො හැකිව සැකකරු මෙම ඝාතනය කර ඇති බව සඳහන් ය.

කෙසේ වෙතත් සැකකරු පොලිසියෙන් මිදී පලා ගොස් ඇති අතර, ඔහු කලක සිට ව්‍යාජ නම්වලින් පෙනී සිට ව්‍යාපාර ද රැසක් කර ඇති බව වාර්තා වෙයි. සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ආණමඩුව පොලිසිය මඟින් පරීක්ෂණ මෙහෙයවා ඇත.