මල්වතු මහ නාහිමියන්ගෙන් දැඩි තීරණයක්..!

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Sajith Premadasa Sri Lanka Politician Sri Lanka
By Sewvandhi May 02, 2022 12:43 PM GMT
Report

කිසිදු දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබානොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබේ.

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදවාගැනීම පිණිස තාවකාලිකව සර්ව පක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනපති, අගමැති හා පක්ෂ නායකයින් වෙත පසුගියදා ලියවිල්ලක් ඉදිරිපත් කළේය.

එම ලියවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහනාහිමියෝ මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් විය.

විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය මගින් ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ලියවිල්ල මහනාහිමිවරුන්ට පිළිගැන්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා මහනුවරට පැමිණි අවස්ථාවේ ඒ මහතාට මල්වතු මහනාහිමියන් බැහැදැකීම සඳහා අවසර නොලැබිණි.

එම හේතුවෙන් අස්ගිරි මහනාහිමියන් පමණක් බැහැදැක අදාළ ලියවිල්ල පිළිගැන්වීමට ඒ මහතාට සිදුවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්රීවරු පිරිසක්ද පසුගිය 29 වනදා මල්වතු මහනාහිමියන් බැහැදැක පවතින අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඇතුළත් ලියවිල්ලක් පිළිගැන්වීමට අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ටද මහනාහිමියන් වේලාවක් ලබා නොදුණි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ව  කැඳවා සාකච්ඡා කිරීමට ත්රෛනිකායික මහනායක හිමිවරු තීරණය කර ඇති බවද වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now