මම මාර විදියට බය වුණා... ඇඟ හිරි වැටුණා...මම හිතුවේ මම මැරෙයි කියල ''.. සරුංගලෙන් එලොව ගිහින් මෙලොව තරුණයා කියන කතාව මෙන්න (VIDEO)

Accident Sri Lanka Jaffna Gossips the-young-man-floating-in-the-sky-with-a-kite
By Aruna Dec 22, 2021 01:19 AM GMT
Report

යාපනය - පේදුරුතුඩුව, පූලෝලි ප්‍රදේශයේ නටරාජා මහේන්ද්‍රන් සරුංගලයක් ගුවනට යැවීම සඳහා පසුගිය 18 වනදා ප්‍රදේශයේ වගා බිමකට ගියේ සිය මිත්‍රයන් ද සමගයි.

සරුංගලය ගුවනට යැවීම සඳහා එම කඹය අල්ලාගෙන සිටි මහේන්ද්‍රන් නොසිතු ලෙස උඩු ගුවනට යන අයුරු ජංගම දුරකතනයක මෙලෙස පටිගත කර තිබුණා.

මෙම ත්‍රාසජනක සිදුවීමට මුහුණ දුන් තරුණයා විනාඩි 10 පමණ කාලයක් ගුවනේ රැඳී සිට, ඔහු බිමට ඇඳ වැටෙන දර්ශනයි මේ.

සිදුවීමෙන් පසු ඔහුට සුළු තුවාල පමණක් සිදු ව ඇති අතර, දින 03ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සිය ත්‍රාසජනක වූ අත්දැකීම ඔහු මෙලෙස විස්තර කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now