අලුත උපන් බිළිඳුන් ඝාතනය කර දරුණුතම ළමා ඝාතකයා ලෙස වාර්තාවක්..

United Kingdom Crime
By Sewvandhi 2 years ago
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රෝහලකදී රෝහලේ හෙදියක් වරදකාරියවී තිබේ.

ඒ බ්‍රිතාන්‍යයේ දරුණුතම ළමා ඝාතකයා බවට පත්වෙමිනි.

2015 වසරේ ජුනි මාසයේ සිට ගතවු වසරක කාලය තුළ 33 හැවිරිදි එම හෙද නිලධාරිනිය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් රෝහල තුළ සිදුවු මෙම බිළිඳු මරණ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳව එම රෝහල් බලධාරීන් හට චෝදනා එල්ලවී තිබේ.

අදාළ හෙද නිලධාරිනියගේ සැකකටයුතු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරුන් රෝහල් බලධාරීන්ට පැමිණිලි කර තිබුණද ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.