ළමා නිවාසයේ ළමයාගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දමා දඬුවම් කළ පාපතර පාලිකාව - මෙරටින් ඇසෙන ඇඟ හිරිවැටෙන කතාව..

chili powder Diwlapitiya Negambo hospital Kadavala children home
By Sewvandhi Mar 14, 2022 03:36 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

දිවුලපිටිය - කඩවල ප්‍රාදේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රදවා සිටින අවුරුදු 9ක පිරිමි දරුවෙකුගේ රහස් ප්‍රදේශයට අදාළ ළමා නිවාසයේ පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම නිසා රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එම දරුවාට රාත්‍රී කාලයේ දී නින්දෙන් මුත්‍රා පිටවීම සිදුව ඇති අතර, ඊට උරණ වී ඇති ළමා නිවාසයේ පාලිකාව දරුවා පහළ නාන කාමරයට රැගෙන ගොස් මෙලෙස රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එම ළමා නිවාසයේ දරුදැරියන්ට අනිසි බලපෑමි හා පීඩන සිදු කරන බවට තොරතුරු ලැබී ඇති නිසා වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි දිවුලපිටිය පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළ බවයි වාර්තාකරු කියා සිටියේ.

රෝහල්ගත කර සිටින දරුවාගේ සහ ළමා නිවාසයේ සෙසු දරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස අධිකරණය පොලිසියට නියම කර තිබෙනවා. එසේම යම් වරදක් සිදු වී ඇත්නම් අදාළ පාලිකාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද අධිකරණය නියම කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now