කම්මුල් පාරේ වාඩුව ගන්න, පාසල් සිසුන් එක්දරු පියාව දෙනෝදහක් මැද කපා දමයි - මෙරටින් ඇසෙන ඇඟ හිරිවැටෙන පුවත - (CCTV VIDEO)

Sri Lanka Police Kalutara Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Nov 15, 2023 01:59 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කළුතර පොලීසිය විසින් නගරයක් මැද පුද්ගලයෙකුව කපා කොටා බරපතළ තුවාල සිදුකර පළාගිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 13 වනදා පස්වරුවේ කළුතර නගර මධ්‍යයේදී දෙනෝදාහක් දෙනා බලාසිටියදී බස් කොන්දොස්තරවරයෙකුට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබුණි.

කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි  සැකකරුවෙක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  පහරදීම සඳහා භාවිත කළ මන්නා පිහියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

එනම් අදාල පහරදීම සිදුකළ දින දහවල් කාලයේදී කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල පාසල් යන වයසේ සිසුන් පිරිසක් අතර ගැටුමත් හටගෙන ඇත. එම ගැටුම සමථ කිරීමට මැදිහත්වූ මෙම බස් කොන්දොස්තරවරයා එක් සිසුවෙකුට කම්මුල් පහරක් දී පිටව යන ලෙස අවවාද කර තිබෙනවා.

එයින් උරණවූ එක් සිසුවෙක් තවත් මිතුරන් දෙදෙනෙකු සමග පැමිණ දැනට රෝහල්ගතව සිටින පුද්ගලයාට එළව එළවා පහරදී ඇත. බස් කොන්දොස්තරවරයාගේ දෙඅත්වලට බරපතළ හානි සිදුවී ඇති අතර ඔහුට සැත්කම් කිහිපයක් සිදුකිරීමට අවශ්‍ය බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීමට පැමිණි පුද්ගලයින් තිදෙනාගෙන් ප්‍රධාන සැකකරු මේ වනවිට කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පහරදීම සිදුකළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක්දරු පියෙකි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

සැකකරුවන් තිදෙනා තියුණු ආයුධ රැගෙන පහරදීමට පැමිණෙන ආකාරය CCTV කැමරාවක ද සටහන්වී තිබුණි..