මෙරට ආහාරවල මිල ඉහළ යෑමට හේතුව හෙළි වෙයි.

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis Economy of Sri Lanka
By krishani Aug 04, 2023 05:27 PM GMT
krishani

krishani

in ආහාර
Report

ආහාර අපතේ යාම මෙරට ආහාර මිල ඉහළ යාම කෙරෙහි ජාතික වශයෙන් බලපා ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් සකස් කළ වාර්තාවකින් ය.

ඊයේ (03) මහනුවර දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත මහාචාර්ය බුද්ධි මාරඹේ ඇතුලු විද්වත් මණ්ඩලයක් විසින් සකස් කළ එම වාර්තාව පිළිගන්වනු ලැබීය.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ සහල්, බඩඉරිඟු, අර්තාපල්, බෝංචි, කෙසෙල්, කුකුළුමස් සහ මුහුදු මාළු සම්බන්ධව වේ.

එහිදී විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආහාර අපතේ යාම, ආහාර මිල ඉහළ යාම කෙරෙහි බලපා ඇති බව හෙළි විය.

එමෙන්ම කිසියම් ආහාරයක් කොළඹට රැගෙන ඒමේ දී පවතින දුර ප්‍රමාණය ද මිල ඉහළ යෑමට හේතුවක් වී තිබෙනවා.