නේවාසිකාගාරයේ සිටි දැරියන්ට ලිංගික අතවර කළ දේවගැතිවරයා - දුරකථනයේ තිබූ ඇඟ හිරිවැටෙන දර්ශන..

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Dec 18, 2023 10:02 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය විසින් කිරුළපන කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන්ට ලිංගික අතවර කළ බව පැවසෙන 63 හැවිරිදි දේවගැතිවරයෙකු‍ හා අසභ්‍ය දර්ශන සහිත සැකකරු පරිහරණය කළ ජංගම දුරකථනය ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී නේවාසිකාගාරයේ රැඳී සිටි 23 හැවිරිදි තරුණියක් සහ වයස අවුරුදු 11ත් 18ත් අතර පසුවන දැරියන් 8 දෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම දැරියන් අතර පවුල් තුනක සහෝදරියන් හය දෙනෙකු වන බව වාර්තාවනවා.

දැරියක් විසින්,මීට දින කිහිපයකට ඉහතදී නේවාසිකාගාරයේ දේවගැතිවරයා ලිංගික අතවර කළ බවට ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනියට  පැවසීමෙන් අනතුරුව,විදුහල්පතිනිය විසින් 1929 දුරකථන අංකය හරහා කිරුළපන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් මත මූලික විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව පොලීසිය පවසන්නේ, අදාළ නේවාසිකාගාරය වෙත ගිය විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනවලදී එහි රැඳී සිටින 23 හැවිරිදි තරුණිය රැකියාවක් සිදුකරන බවත් අනෙක් දැරියන් අටදෙනා පාසල් යන බවත් අනාවරණය වූ බවයි.

නේවාසිකාගාරයේ සිටි දැරියන්ට ලිංගික අතවර කළ දේවගැතිවරයා - දුරකථනයේ තිබූ ඇඟ හිරිවැටෙන දර්ශන.. | The Pastor Who Sexually Assaulted The Girls

දැරියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් දැරියන් සිව්දෙනෙකුට සැකකාර දේවගැතිවරයා ලිංගික අතවර කර ඇති බවත් අතර තවත් දැරියකට ඔහු පරිහරණය කරන ජංගම දුරකථනයේ ඇතුළත් අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කළ බවටත් අනාවරණය වී තිබේ. 

මෙතෙක් කළ විමර්ශනවලදී කිරුළපන පොලිස් වසමේ දේවස්ථානයකට අනුබද්ධ මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකර නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන යන්නක් බවට අනාවරණය වී තිබෙනවා.

දැරියන්ට ලිංගික අතවර කළ සැකකාර දේවගැතිවරයාට උදව් උපකාර කළ තවත් පුද්ගලයන් සිටී දැයි සොයා දීර්ඝ විමර්ශන සිදුකරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

කිරුළපන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක තමරා නිල්මිණී මහත්මිය ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.