දැරියන් හතරකට ලිංගික අතවර කළ 82 හැවිරිදි පාස්ටර් - මෙරටින් ඇසෙන අධිසංවේදී පුවත..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 12, 2023 02:53 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 කෝපායි, ඉරුපාලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි දැරියන් සිව්දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එහි ප්‍රධානි ලෙස කටයුතු කළ 82 හැවිරිදි පාස්ටර්වරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ, එහි පාලිකාව ඇතුළු තවත් කාන්තාවන් තිදෙනෙකු ද එම ළමා නිවාසයේ ළමුන්ට පහරදීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවයි.

පසුගිය මාර්තු 31 වනදා කුඩා දැරියන් තිදෙනෙකු සැකකටයුතු අයුරින් ගමන් කරමින් සිටියදී කොඩිකාමම් පොලීසිය සිය භාරයට ගෙන තිබුණි. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ තමන් සිටි ළමා නිවාසයේදී පහරකෑම්වලට ලක්වීම නිසා ඉන් පළා ආ බවයි.

ඉන්පසු අදාළ දැරියන් 3දෙනා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසුව පරිවාස නිලධාරියා විසින් සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, ප්‍රදේශය භාර පරිවාස නිලධාරියා ළමුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව අනාවරණ කරගෙන ඇත්තේ, ඔවුන් සිටි ළමා නිවාසයේ ළමුන් 18 දෙනෙකු සිටින අතර ඔවුන්ට එහි පාලිකාව ඇතුළු පිරිසකගෙන් පහරකෑමට ලක්වීමට සිදුව ඇති බවය. එම දැරියන් අවුරුදු 12, 13 සහ 14 යන වයස්වල පසුවන්නන් බවද වාර්තා විය.

පොලීසිය සඳහන් කළේ, අනතුරුව ඒ පිළිබඳව එම නිලධාරියා විසින් කෝපායි පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඒ අනුව අදාළ ළමා නිවාසයේ පාලිකාව ඇතුළු තවත් කාන්තාවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ළමා නිවාසයේ ළමුන් සිව්දෙනෙකු පවසා ඇත්තේ තමන්ට ළමා නිවාසය භාර පාස්ටර්වරයා ලිංගික අතවර කළ බවය. ඒ පිළිබඳව පොලීසිය යාපනය ළමා මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එහි ප්‍රධාන පාලක පාස්ටර් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ.

එම පාස්ටර්වරයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඒ අනුව ඔහුව ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රෝගාබාධ රැසකින් පෙලීම නිසා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෝපායි පොලීසිය මගින් ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now