ගමක් බියවැද්දූ ත්‍රිපුද්ගල ඝාතනයේ එලියට ආ අලුත්ම විස්තර - පවුලක්ම ඝාතනය කලේ පලිගැනිමකටද..?

Gampaha Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 06, 2022 06:06 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුසිදුකළ ත්‍රිපුද්ගල ඝාතනය පිළිබඳව තවත් තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. අද (06) උදෑසන මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්විය.මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි වියේ පියා සහ 23 සහ 24 හැවිරිදි වියේ පසුවූ පුතුන් දෙදෙනාය.

ඔවුන් තිදෙනා මනුෂ්‍ය ඝාතනයකට බන්ධනාගාරගතව සිට මීට මාස කිහිපයකට පෙර ඇප මත මුදාහැර සිටි පුද්ගලයින් තිදෙනෙකු බවට මේ වනවිට අනාවරණය වී තිබේ. පොලීසිය පවසන්නේ දීර්ඝ කාලයක සිට පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැක කරන බවය.

මේ අතර අදාළ ඝාතනය සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරන්නට ඇති බවට පොලීසිය සැකපළකරයි. ඝාතනය සඳහා සැකකරුවන් මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් සැකකරුවන් පැමිණ ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩිතැබීමෙන් මියගොස් ඇති එක් පුද්ගලයෙකුගේ මෘත දේහය මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් දෙදෙනාගේ දේහයන් ඝාතනය සිදුවූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇත. අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now