පෙම්වතියව මගහැරී පෙම්වතාට පෙම්වතිය දුන් සැර දඬුවම

Sri Lanka Police Sri Lanka Police Investigation Water Cut Crime
By Sewvandhi Feb 12, 2024 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ගම්පොළ ප්‍රදේශයෙන් සිය පෙම්වතිය විසින් පෙම්වතාට පිහියකින් ඇන පහරදුන් පුවතක් වාර්තා වී තිබෙනවා. අදාළ පෙම්වතා විසින් පෙම්වතියව මගහැරීමට කටයුතු කළ නිසා ඇය මෙලෙස පහර දී ඇති බවයි, පොලිසිය පැවසුවේ.

වාර්තා වන පරිදි එම පෙම්වතියට වයස අවුරුදු 19ක් වන අතර පෙම්වතාට වයස අවුරුදු 22ක් වනවා.

වාර්තාවන පරිදි, අදාළ තරුණයා වසර එක හමාරක පමණ කාලයක සිට පැවැති මෙම සම්බන්ධතාවය නවතා දැමීමට තීරණය කර ඇති අතර තරුණිය විසින්ම ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමඟ බහින්බස්වීමක් හටගෙන ඇති බවයි 

පොලිසිය පැවසූවේ, මෙහිදී අදාළ පෙම්වතිය සිය සහෝදරයා සහ මව සමඟ පෙම්වතා හමුවීමට ගොස් ඇති අතර එහිදී පහරදීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් පසුව පෙම්වතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර පෙම්වතිය 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගත කිරීමට පියවර ගෙන තිබෙනවා.