අවුරුදු පහමාරක දැරියකට දස වධ දුන් රුහුණු කථිකාචාර්යවරයා - සිදු කළ නොහිතූ අපරාධය(VIDEO)

Sri Lanka Police University of Ruhuna Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 18, 2023 05:19 PM GMT
Report

මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් දැරියක් කෲරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස එම කථිකාචාර්වරයා දරුකමට හදාගත් වයස අවුරුදු පහමාරක දැරිය කෲරත්වයට පත්කර ඇති බව හෙළිවී ඇත.

අදාළ කථිකාචාර්වරයා සිය නිල නිවසේදී දැරියට විවිධ හිංසා සිදුකර ඇති බවට පසුගිය සිකුරාදා පොලීසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව දැරිය එදිනම පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ. වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දැරිය කෲරත්වයට සහ විවිධ හිංසනයන්ටද ලක්ව ඇති බවය.