කාමරයක් තුළ සිර කර පුටුවක ගැට ගසා, බිරිඳව ගිනි තැබීමට ගිය සැමියා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Nov 26, 2023 12:54 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය විසින්, සිය බිරිඳ නිවසේ කාමරයක් තුළ සිර කර පුටුවක ගැට ගසා ,ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ඇඟට දමා, ගිනි තැබීමට උත්සහ කළ සැමියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සිය බිරිඳගේ සොහොයුරාට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිදුවීමකට චෝදනා ලබා ඇප මත නිදහස් වී ඇති අයෙකු බවයි, අම්බලන්ගොඩ පොලිසිය පවසන්නේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ලබා නොදෙන බවට පවසමින් ඔහු සිය බිරිඳගේ මවට තර්ජනය කර මාස විසිනවයක් රක්ෂිත බන්ධනාගාර ගතව තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සැකකරු සිය බිරිඳට ගිනි තබා ඝාතනය කිරීමට පෙර පොලිසිය විසින් ඇය බේරා ගෙන ඇති බවයි, වාර්තාකරු පවසන්නේ.