සැමියා බිරිඳගේ කකුල් දෙකම කපලා - මෙරටින් ඇසෙන අහස පොළොව නුහුලන අපරාධය

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Feb 17, 2024 12:43 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අද (17) පවුල් ආරවුලක් හේතුවෙන් බුස්ස මැදවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳගේ කකුල් දෙකම කපා තිබෙනවා.

34 හැවිරිදි බිරිඳ ගුරුවරියක්වන අතර, මේ වනවිට ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි, පොලිසිය පවසන්නේ.

මෙම ආරවුලෙන් පසුව සැමියා නිවසේ තිබු යතුරුපැදිය හා ජංගම දුරකථන ද රැගෙන පලාගොස් තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් පරීක්ෂණ පවත්වන බවයි.