මෙරට අපනයන ආදායම ඉතිහාසයේ ඉහළම අගයට
Economy of Sri Lanka
Latest Headlines
Export
Sinhala news
Puwath.lk
By R.rishma
ශ්රී ලංකාවේ ඉතිහාසයේ පළමු වරට මාසික අපනයන ආදායම පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,691ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.
එය පෙර වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 17.2%ක වර්ධනයකි. එම මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,385ක් වූ අතර, සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 306ක් විය.
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 13,612ක් දක්වා ඉහළ ගොස් තිබේ. පොල් හා රබර් ආශ්රිත නිෂ්පාදන, සැකසූ ආහාර, විදුලි හා ඉලෙක්ට්රොනික උපාංග සහ කුළුබඩු අපනයනවල ද වර්ධනයක් වාර්තා වී ඇත.
මේ වසරේදී ඩොලර් බිලියන 18 ඉක්ම වූ අපනයන ආදායමක් ළඟා කර ගැනීම අපේක්ෂාව බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.