ලොව්තුරා බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්ෂණ ඔබ දන්නවාද..?

By Subodha Aug 12, 2022 11:25 AM GMT
Subodha

Subodha

in රචනා
Report

බුදුරජාණන් වහන්සේ බුදු දහමේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරුවරයෙක්ද වෙයි. බෞද්ධයන්ට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ යනු වර්ථමානයේ ගෙවීයන මහා බද්‍ර කල්පයේ ලොව පහල වු සිව් වන බුදුවරයායි. තුන්ලොවට උතුම් අසහාය ගුරුවරයෙකු වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේගේ මනුෂ‍්‍යයෙක් ද, අමරණිය තත්තවයට(නිර්වාණයට) පත්වුවෙක්ද , දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරුණු තේරවාද හා මහා යාන නිකායන් අනුව තරමක් වෙනස් වේ.

තේරවාදි බුදු දහමට අනුව උන්වහන්සේ අතිමහත් ඥනයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උත්තමෙයකි. මහායාන බුදුදහමට අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය හා දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමුර්තියකි. උන්වහන්සේගේ උපත සිදුවූයේ ඉන්දියාවේ ලුම්බිණියෙදීය. ගිහිකල නාමය සිද්ධාර්ථ ගෞතම නම් විය. සාක්‍යමුනි හෝ ශාක්‍යමුණි (ශාක්‍යකුලයේ මුනිවරයා) ලෙසද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වයි.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙරෙහි වැඩ විසූ සමයෙහි දිනක් භික්‍ෂුන් වහන්සේලා අමතා “සක්විති රජ වන්නා වූ හෝ බුද්ධත්වයට පත් වන්නා වූ හෝ මහා පුරුෂයන්ගේ සිරුරෙහි පිහිටන මහා පුරුෂ ලක්‍ෂණ පහළ වීමට හේතු වූ කරුණුත්, ඒවාට අදාළ අතීත කර්මත්, ඒවා පහළ වූ උතුමන්ට ලැබෙන කුසල කර්ම විපාකත් වෙන් වෙන් වශයෙන් මැනවින් දේශනා කොට වදාළහ. එලෙස වදාරනු ලැබූ මහා පුරුෂ ලක්‍ෂණ 32 නම් පහතින් සදහන් වනුයේ දෙතිස් පුරුෂ ලක්ෂණයන් හඳුන්වන විට පුරුෂයන්ගේ දෙපතුලින් ආරම්භ කොට අනුපිළිවෙළින් හිස දක්වා විස්තර කෙරේ.

එම නිසා මේ චාරිත්‍ර ධර්මයට අනුකූල ව බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ශ්‍රී පතුලේ සිට සම්බුදු සිරස දක්වා වූ අනුපිළිවෙළිනි

  1. සුප්පතිට්ඨිතපාදො - මනාව පිහිටි පාද ඇත්තේ ය
  2. චක්කානි ජාතානි - යටිපතුල්හි මඟුල් ලකුණු ඇත
  3. ආයතපණ්හි - දික් වූ විලුඹ ඇත
  4. දීඝංගුලි - පිරිපුන් දික් වූ ඇඟිලි ඇත
  5. මුදුත එන හත්ථපාදො - ඉතා මෘදු අත් පා ඇත
  6. ජාලහත්ථ පාදො - නම්‍යශීලී අත් පා ඇත
  7. උස්සංඛපාදො - පා වල ගොප් ඇත. ඉහළින් පිහිටා ඇත
  8. ඒණි ජංගතා - ඕලු මුවකුගේ බඳු කෙණ්ඩා ඇත
  9. ආජානුලම්බි හත්ථනා - සිටි වනම නොනැමී දෙ අත්ලෙන් දෙදණ ස්පර්ශ කිරීමේ හැකියාව ඇත
  10. කෝසෝහිත වත්ථගුය්හෝ - කෙමියක බහාලු පුරුෂ නිමිත්ත ඇත
  11. ස්වර්ණවණ්ණො - ශ්‍රී දේහය රන්වන් පැහැ ඇත
  12. සුඛුමච්ඡවි - ඉතා සියුම් සම නිසා ශරීරයේ දාඩිය, තෙල්, කුණු නොඇලේ.
  13. ඒකේකලෝමෝහෝති - එක් ලෝම කූපයක එක් ලෝමයක් පමණක් පිහිටීම
  14. උද්ධග්ගලෝමෝ - ලෝම දකුණට කරකැවී උඩට හැරී පිහිටා ඇත. දෙබැම අතර ඌර්ණ රෝම ධාතුව පිහිටා ඇත.
  15. බ්‍රහ්මුජ්ජුගත්තෝ - බ්‍රහ්මයකුගේ මෙන් සෘජු ශරීරයක් ඇත
  16. සන්තුස්සදතෝ - පිටි අතුල්, පිටි පතුල් දෙක, උරහිස් දෙක, කොන්ද යන සත් තැනම තථාගත ශරීරයේ ඇත. නහර මතු නොවී පිහිටා තිබීම
  17. සීහ පුබ්බද්ධ කායො - තථාගත ශරීරය සිංහයාගේ ඉදිරි ශරීරය මෙන් හැම තැනම පිරිපුන් ය
  18. චිත්තන් රාසො - පිටෙහි වූ පිරිපුන් මාංශ ඇත
  19. නිග්‍රොධපරිමණ්ඩලො - සමව පිහිටි ශරීරය, උස පමණට ගැලපෙන මහතින් යුතු බව
  20. සමවත්තක්ඛන්ධො - මනාව වට වූ ගෙල කතා කිරීමේදී නහර හෝ උගුරු ඇටය මතු නොවී මිහිරි හඬ නැගේ
  21. රසග්ග සග්ගි - මුඛයට තබන ලද ඉතාම සුළු ආහාරයක වුව ද රස සකල ශරීරයෙහි පැතිරීම
  22. සීහ හනු - සිංහයාගේ යටි හක්ක මෙන් උඩ යටි හනු දෙකම පූර්ණ ව පවතී
  23. චත්තාලීස දන්තො - දන්තයන් සතළිහක් පිහිටීම
  24. සමදන්තො - සම ව පිහිටි දත් ඇති බව
  25. අවිරළ දන්තො - විවර හිඩැස් නැති සේ දත් එකට බැඳී තිබීම
  26. සුසුක්ත දාඨො - සුදෝ සුදු වූ දන්තයන් ඇත
  27. පහූත ජිව්හෝ - පුළුල් වූ ජිව්හා ධාතුව ඇත
  28. බ්‍රහ්මස්සරො - බ්‍රහ්මයාගේ බඳු මිහිරි හඬ ඇත
  29. අභිනීල සුනෙත්තො - නිල්වන් නෙත් ඇත
  30. ගෝපඛුමො - ළදරු වස්සකුගේ බඳු නෙත් ඇත
  31. උණ්ණාලක්ඛණතා - දකුණට කරකැවුණු ඌර්ණ රෝම ධාතුවක් පිහිටා ඇත
  32. උණ්හීස සීහො - සෙස්සන්ට නොමැති දිග, පුළුල්, උස් වූ නළල් තලයක් පිහිටා ඇත   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now