ගැබිනි මව්වරුන්ට දෙන පෝෂණ මල්ල ගැන ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Nov 04, 2022 08:04 AM GMT
krishani

krishani

in ආහාර
Report

පෝෂණ මල්ල ලබා දීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇති බව සහ වර්තමානයේ දී භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම සමඟ තමන් දැඩි අපහසුතාවට පත් වී ඇති බව ගැබිනි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් පවසයි.

ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ල ලබා දීමේ ව්‍යාපෘතිය මේ වන විට ඇණහිට ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ප්‍රකාශයක් කර ඇත.

එය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත් එම ප්‍රතිපාදන මේ මාසය තුළ ලැබෙනු ඇති බවත් කඩිනමින් එය ආරම්භ කරන බවත් ලේකම්වරයා පැවසීය.

මෙම පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගැබිනි හා කිරිදෙන මව්වරුන් එක් ලක්ෂ පනස් පසදහසකට අධික පිරිසකට රුපියල් 4,500ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීමට පියවර ගන්නා බව  ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join