තම පුතු ඝාතනය කර පියාද සියදිවි නසා ගත් හදකම්පා කරවන පුවත..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Feb 15, 2024 10:09 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අගුණකොළපැලැස්ස - මුරවැසිහේන ප්‍රදේශයෙන්, මානසික ආබාධයකින් පෙළෙන තම පුත්‍රයාට කෘමිනාශක වර්ගයක් ලබා දී තමන්ද සිය දිවි හානි කරගත් පියෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, මියගොස් ඇති පුත්‍රයා 25 වන වියේ පසුවන අතර පියා පනස් වනවියේ පසුවන බවයි.

ඊයේ(14) පස්වරුවේ මොවුන් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් නැවත නිවසට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව මියගිය පුද්ගලයාගේ, බිරිඳ සහ දියණිය විහාරස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ පුත්‍රයාට කෘමිනාශක ලබාදී අදාළ පුද්ගලයාද ඒවා පානය කර සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.