ප්‍රේමයට එරෙහි වූ මවට මිටියකින් පහර දුන් දියණියට සිදු වූ දේ..

police crime hammer Beruvila Kalavila Kandha
By Sewvandhi Mar 06, 2022 02:46 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බේරුවල කාලවිල කන්ද ප්‍රදේශයේ, පදිංචි මවකගේ හිසට මිටියකින් පහරදුන් 17 හැවිරිදි දැරියක් අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි. නොගැළපෙන ප්‍රේමයකට සිය මව එරෙහි වීම හේතුවෙන් දැරිය විසින් එලෙස ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ.

තුවාල ලැබූ මව මේ වනවිට බේරුවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. නිවසක් තුළදී මෙය සිද්ධිය වී ඇති අතර, හිසෙන් ලේ පෙරෙන තුවාල සහිතව පොලිසියට පැමිණ තිබූ මව කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර දියණිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

සැකකාර දියණිය ඇයට වඩා වයසින් වැඩි පුද්ගලයකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, වරින්වර මව විසින් එම සම්බන්ධයට විරුද්ධ වීම නොරිස්සූ දැරිය මව සමග ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව එලෙස මිටියකින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කෙසේවෙතත් දියණියගේ මිටි පහරින් වැළකීමට මව ද මිටිය උදුරාගෙන ප්‍රතිප්‍රහාර එල්ල කර ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. තුවාල ලැබු මවගේ තත්ත්වය බරපතළ නොවන බව බේරුවල රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය. බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now