කතරගම පුදබිම කිළිටි කළ ආදිවාසියා වහාම අත්අඩංගුවට

Sri Lanka Police Investigation Crime Kataragama Temple Sri Lanka Latest Headlines
By Sewvandhi Jul 23, 2024 12:16 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

සෙල්ලකතරගම පූජා භූමියේ කස්තුරි,මොණර තෙල්,වලස් තෙල්, ඌරු තෙල් හා විවිධ සතුන්ගේ ශරීර කොටස් වලින් සැකසූ මාල වලලු ආදිය විකුණූ දඹානේ ආදීවාසී පුද්ගයෙකු හා ඔහුගේ සහායකයෙකු අත්අඩංගුවට ගෙන කතරගම සංචාරක උසාවියට ඉදිරිපත් කර තිබෙනවා.

උසාවිය මගින් අදාල චෝදනාවන්ට වැරදි කරු වු සැකකරුවන් දෙදෙනාට රුපියල් හයලක්ෂ පන්දහසක දඩයක් නියම කර තිබෙනවා.

දඹානේ ආදිවාසීයෙක්වන ඌරුවරිගේ උදය කුමාර හා ඔහුගේ සහචරයා ලෙස කටයුතු කල තඹුත්තේගම පදිංචි බාලක්‍රිෂ්ණන් රාජු නැමති දෙදෙනාටයි, මෙලෙස දඩ නියම වුයේ.

වනජීවි නිළධාරීන් විසින්අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී ඇත් දළවලින් සැකසූ මුදු 12ක්, මුවෙකුගේ අස්ථි කොටස්වලින් සැකසූ මාල කිහිපයක්, අලි හක්කේ කොටස් යොදාගෙන සැකසූ පෙන්ඩන් කිහිපයක්, අලි හා කෙදි 84ක්, කිඹුල් දත් 13ක්, කළුවර ලීයෙන් සැකසූ විවිධ ප්‍රමාණයේ දේව පිළිම කිහිපයක් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඌව පළාත් වනජීවී නිළධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා කතරගම පෙරහැර පැවති පසුගිය 17වනදා සෙල්ලකතරගම පුදබිමට පැමිණෙන සංචාරකයන්ට මොණර තෙල්, කස්තුරි, වලස් තෙල්, ඌරු තෙල් හා කිඹුල් දත්, මුවහම්, ඇත් දළ යොදා සකස් කල මාල, වලලු හා පෙන්ඩන් ආදිය විකුණමින් සිටියදී වන සත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක ආඥා පනතේ වගන්ති උල්ලංගණය කිරීමේ චෝදනා මතයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කතරගම පෙරහැර සමයේ ස්ථාපිත කර තිබෙන කතරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි අදාල චෝදනාවන් සදහා සැකකරුවන් වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව දඹානේ ආදිවාසීයෙක් වන ඌරුවරිගේ උදය කුමාර නැමති සැකකරුට රුපියල් 405,000ක දඩ මුදලක් නියම කෙරුණු අතර ඔහුගේ සහචාරයා වු තඹුත්තේගම පදිංචි බාලක්‍රිෂ්ණන් රාජු නැමති අයට රුපියල් 200,000ක දඩයක් නියම කර තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%