15 හැවිරිදි දියණිය ගැබිනියක් කරලා..ලිංගිකව හැසිරුණු බව දැරිය කියයි - මෙරටින් ඇසෙන ඇඟ හිරි වැටෙන පුවත..

Jaffna Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Feb 01, 2024 02:49 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පේදුරුතුඩුව රෝහලේ වාර්තාවලින් ඊයේ (31) යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේදී මවගේ 47 හැවිරිදි අනියම් සැමියා අතින් වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගැබ් ගෙන ඇති බවට සනාථ වී තිබෙනවා.

වාර්තා වන්නේ, එම දැරියගේ මව බැංකු සේවිකාවක් වන අතර ඇය විවාහ වීමට පෙර සිට මෙම පුද්ගලයා සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇය වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වීමෙන් පසුව මොහු කැනඩාවට පිටත්ව ගොස් ඇති බවයි.

ඔහු කැනඩාවේ සිට යාපනයට පැමිණෙන අවස්ථාවලදී මෙම කන්තාව ඇසුරු කිරීම නිසා ඇගේ විවාහක පුරුෂයා ඒ බව දැන එම කාන්තාව අතහැර ගොස් ඇති බවද සඳහන්. ඉන් පසුව කැනඩාවේ සිට යාපනයට පැමිණි සැකකරු දැරියගේ මව සමඟ අනියම් ඇසුරක් පවත්වමින් එම නිවසේම ජීවත් වී ඇති අතර පාසල් සිසුවියද එම නිවසේම වාසය කර තිබෙනවා.

 මව රැකියාවට ගිය පසුව දැරිය සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමට ඔහු පුරුදු වී සිට ඇති අතර පසුගිය සතියේදී පවුලේ අය කෝවිලේ දානයකට ගොස් දිවා ආහාරය ගෙන ස්වල්ප වේලාවකදී දැරිය වමනය කරන්නට පටන් ගැනීම නිසා ඇගේ මව විසින් දැරියව රෝහල් ගත කර ඇති බවයි, වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය තුන්මස් ගබිණියක් බව ප්‍රකාශ කොට ඇති අතර ,ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ට හා දැරියගේ මවට අනියම් සැමියාත් දැරියත් ලිංගිකව හැසුරුණු බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා දැරියගේ මව පොලිසියට පැමිණිලි කර නොමැති නමුත් පේදුරුතුඩුව රෝහල් පොලිසියට වෛද්‍යවරුන් විසින් ලබාදුන් ප්‍රකාශයක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

15 හැවිරිදි දියණිය ගැබිනියක් කරලා..ලිංගිකව හැසිරුණු බව දැරිය කියයි - මෙරටින් ඇසෙන ඇඟ හිරි වැටෙන පුවත.. | The 15 Year Old Daughter Is Three Months Pregnant