තමිල්න්නනාඩුවෙන් ශ්‍රී ලංකාවට නැවතත් සහනයක්.. ලැබුණු දේ මෙන්න..

By Sithumi May 05, 2022 01:38 PM GMT
Report

තමල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

 තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් ඩී.එම්.කේ පක්ෂයේ නායකයා වේ. ඩී.එම්.කේ පක්ෂයේ ලොක් සභාවේ සහ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන් තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා පිහිටුවා ඇති මහජන සහන අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇතැයි ඩී.එම්.කේ පක්ෂය නිවේදනය කළේය

. එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩී.එම්.කේ පක්ෂය රුපියල් කෝටියක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කරන බව සඳුදා දින නිවේදනය කළේය.