ස්කෑන් කරන්න ගිය 15 හැවිරිදි දැරියගේ රහස් ප්‍රදේශය රිදෙන බව අම්මට කියලා..පස්සෙදි ඩොක්ටර් කරපු කැත වැඩේ මාට්ටු වෙයි..

Sri Lanka Accident
By Aruna Sep 12, 2022 03:20 AM GMT
Report

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ අංශය තුළදී වෛද්‍යවරයකු විසින් 15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳ විමර්ශනයක් ආරම්භකොට ඇත.

මෙම දැරියගේ මව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට සිදුකර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භකොට ඇති බව පොලිසිය පවසයි.

මෙම දැරිය රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා මවත් සමග ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටියදී පසුගිය 08 වැනිදා දැරිය ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහලේ විකිරණ අංශය වෙත ගොස් ඇත.

ස්කෑන් පරීක්ෂණය සිදුකිරීමේ දී එහි සිටි සැකකාර වෛද්‍යවරයා මෙම දැරිය බරපතළ ලෙස ලිංගිකව අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.

ස්කෑන් පරීක්ෂණයෙන් පසු දැරිය නේවාසිකව සිටින වාට්ටුවට ගොස් තමන්ගේ රහස් ප්‍රදේශය රිදෙන බව තම මවට ප්‍රකාශකොට ඇත.

ඒ පිළිබඳ මව දැරියගෙන් විමසීමේදී දැරිය මවට සියල්ල ප්‍රකාශකොට ඇත.

පසුව මේ පිළිබඳ රෝහලේ වාට්ටුවේ සිටි ප්‍රධාන වෛද්‍යවරයාටද දැනුම්දී ඇත.

ඉන් අනතුරුව මේ පිළිබඳ මව දැරියත් සමග ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ගොස් පැමිණිල්ලක් කර ඇත.

දැරියගෙන් මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ පවත්වන බව ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වා පවසයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංගගෙන් අප විමසුමකදී තමන්ටද මෙවැනි සිද්ධියක් පිළිබඳ වාර්තා වී ඇති බව පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධව පොලිසිය මගින් ද පරික්ෂණයක් ආරම්භකොට ඇති බවත් ආයතන මට්ටමින් ද පරික්ෂණයක් සිදුකරණ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

දැරිය ස්කෑන් පරික්ෂණයට ලක්කරණ අවස්ථාවේ දී එහි රෝහල් උපස්ථායිකාවක් ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී නොමැති බවට එම උපස්ථායිකාව සඳහන්කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

කෙසේවුවද මේ පිළිබද ආයතන මට්ටමින් විමර්ශනයක් ආරම්භකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now