අම්මා තම 15 හැවිරිදි දියණිය අවුරුදු 20 තරුණයෙකුට භාරදිල අනියම් සැමියා එක්ක පැනයයි..අවසානයේ සිදු වූ දේ මෙන්න..
අයියාගේ අනියම් බිරිඳගේ පහළොස් හැවිරිදි දියණිය දූෂණය කොට සැඟව සිටි සැකකරු ගාල්ල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් පෙරේදා (25දා) සවස අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම ධීවර නිවාසවල පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකි.
මේ පිළිබඳව පැමිණිල්ල ලැබීමෙන් පසු පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ ගාල්ල කොටුවේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඉකුත් 19 වන දින රාත්‍රි කාලයේ පැවති සැණකෙළියක් නැරඹීමට මෙම දැරිය ඇයගේ පියා මව සහ නැගණියද සමග පැමිණ ඇති බවය.
එසේ පැමිණි මව අනියම් සැමියාට දුර කතන ඇමතුමක් දී ඇති බවත් ඒ අනුව අනියම් සැමියා ද දුව සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන ඔහුගේ මල්ලී ද සැණකෙලි භුමියට පැමිණ ඇති බවත් එසේ පැමිණ මවගේ අවසරය ඇතිව සැකකරු දැරිය සැණකෙළි භූමියෙන් ඉවතට කැඳවාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියා සිටියේය.
එසේ කැඳවාගෙන ගොස් කොටුවේ ඔරලෝසු කණුව අසලදී දූෂණය කර නැවත සැණකෙළි භුමියට කැඳවාගෙන ගොස් ඇති බවත් පසුදින අලුයම ඔවුන් නිවසට ගොස් ඇති අතර පසුව මව අනියම් සැමියා සමග පලාගොස් ඇති බවත් ඉන්පසු දැරිය සිද්ධිය මිත්තණියට පවසා ඇති බවත් පොලිසිය කියා සිටියේය.
දැරිය පරීක්ෂා කළ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇය දූෂණයට ලක්වී ඇති බවත් ඇය මහමෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයට යොමු කිරීමටත් ඇයගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නිර්දේශ කර ඇති බවත් දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නිසා ඇය පරිවාස බාරයට පත් කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව දැරිය පරිවාස බාරයට පත්කොට ලබන මස 12 වන දින දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කළ ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මෙනවිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළාය.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ මහතාගේ උපදෙස් පරිදි කොස්තාපල්වරුන් වන ජීවන් (71351), ගීතප්‍රිය (78828), අසංක (37716) යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |