"අලුත් කියලා පැරැණි දේවල් නැවත ගෙනෙනවා" - ස්ටාලින්ගේ දැඩි විවේචනය

Ceylon Teachers Service Union Latest Headlines Teachers Sinhala news NPP Government
By Shehan Jul 14, 2025 08:11 AM GMT
Report

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත්තේ, රජය විසින් මේ දිනවල ක්‍රියාත්මක කරන බව පවසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිසේත්ම නව්‍ය යෝජනා නොවන බවයි.

ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළේය;

"රජය විසින් මේ දිනවල ක්‍රියාත්මක කරන බව පවසන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි වසර ගණනාවක සිට ඉල්ලා සිටි දෙයකි. එහෙත්, මෙම ප්‍රතිසංස්කරණවල අලුත් යමක් නැත. ජනාධිපතිවරයා හම්බන්තොට ගොස් ප්‍රකාශ කළේ, පාසල් ඒකාබද්ධ කර ප්‍රවාහන පහසුකම් සපයන බවයි. නමුත්, එවැනි දේවල් සිදු වන්නේ නැත. අවිචාරවත් ලෙස මෙය කිරීමට අපි විරුද්ධයි.

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද සිට

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද සිට

දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට සම්පත් ලබාදීම රජයේ වගකීමකි. මෙම ප්‍රතිසංස්කරණ IMF යෝජනාවලට සම්බන්ධද යන ප්‍රශ්නයද ඇත. අග්‍රාමාත්‍යවරියද සාකච්ඡා පවත්වමින්, කාලපරිච්ඡේදය විනාඩි 50කට සීමා කිරීමට සහ මොඩියුලර් ක්‍රමයක් හඳුන්වාදීමට ය෺ජනා කරනවා.

එහෙත්, මේවා අලුත් දේවල් නොවේ. ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව මෙම කටයුතු කිරීමට උත්සාහ කළත්, ඔවුන්ට තවමත් විෂය නිර්දේශය වෙනස් කිරීමටවත් නොහැකි වී ඇත. සමස්ත අධ්‍යාපන ක්‍රමයම පුළුල් ලෙස සංශෝධනය කළ යුතුය.

අනුරාධපුර කලාප අධ්‍යක්ෂවරයා පවසනවා විදුහල්පතිවරු සහ ගුරුවරු රැකියාවලින් ඉවත්ව ඇති බව. එහෙත්, කලාප කාර්‍යාල මඟින් වැටුප් ගෙවනවා නම්, එවැනි තොරතුරු ඔවුන් නොදන්නේ කෙසේද? උතුරු මැද පළාතේ ගුරුවරු 16,000ක් සිටින බව වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අද සිට රාජ්‍ය සේවකයන් වත්කම් ප්‍රකාශ නොකළොත් දඩ ගෙවන්න වෙයි

අද සිට රාජ්‍ය සේවකයන් වත්කම් ප්‍රකාශ නොකළොත් දඩ ගෙවන්න වෙයි

එය බොරුවක්! ඔහුට එම තොරතුරු ලබාදුන්නේ කවුද? මෙම ප්‍රතිසංස්කරණ ගුරුවරුන්ගේ තනතුරු අඩු කිරීමේ උත්සාහයක්ද? ආණ්ඩුව පාසල්වල කාලපරිච්ඡේද 7කට සීමා කිරීමට යනවාද? එසේ වුවහොත්, ගුරුවරු 30,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා.

මෙවැනි තීරණ සාකච්ඡාවකින් තොරව ගත නොහැක. පාසල් 36කට පමණක් 1 වසරට තරගකාරී බඳවා ගැනීම් සිදුවනවා. මේ සඳහා විසඳුම් හොයා ගත යුතුයි. ටියුෂන් පන්තිවල ගැටලුවලටත් විසඳුම් අවශ්‍යයි.

විශ්වවිද්‍යාල ඇතුළත්වීමේ වයස අඩු කිරීම ලංකාවේ ප්‍රධාන ගැටලුවක්. ඒ සඳහා වසරකින් හෝ අඩු කිරීමට යෝජනාවක් ඇත්නම්, එයත් සාකච්ඡා කර තීරණය කළ යුතුයි. අපි යෝජනා කරන්නේ, මුළු අධ්‍යාපන ක්‍රමයම පුළුල් සාකච්ඡාවකින් පසු සංශෝධනය කළ යුතු බවයි."

පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට