පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

Piumi Hansamali Law and Order Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Jul 13, 2025 08:40 AM GMT
Report

නිරූපන ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහුව අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය සඳහන් කළේය. රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේදී පුද්ගලයකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුව සිදුකර ඇත.

පොලිස් විමර්ශනවලට අනුව, මෙම සිද්ධිය බරපතල ප්‍රහාරයක් ලින්දි බැවින්, සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මේ වන විට අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවත්, අපරාධයේ බරපතලකම අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැලිකඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.