රටපුරා සිදු කරන්න යන දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන දැනුම්දීමක්..පාසල් යළිත් වැසෙයිද..?

Ministry of Education Strike Sri Lanka Sri Lankan Schools Education Latest Headlines
By Sewvandhi Feb 17, 2024 08:07 AM GMT
Report

ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු විසඳීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එළැඹෙන 20 වැනි දා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

ඔවුන් මේ බව සඳහන් කළේ, ඊයේ (16) අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්යන්ත්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ අධ්‍යාපන වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවය.

පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ද අවධානය යොමු ව තිබේ.

එමෙන්ම වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළේ, පාසල් ගොඩනැගිලි සඳහා දේශපාලනඥයන්ගේ නම් යෙදීම නවතා දැමීමට වෘත්තීය සමිති විසින් කළ ඉල්ලීම පිළිබඳව ද මෙහි දී අමාත්‍යවරයාගේ අවදානය යොමු වූ බවයි.