හෙට සිට විදේශ ගමන් බලපත්ර ගන්න අයට අලුත් නීතියක්
විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීමේ ක්රියාවලියට අදාළ නව ක්රමවේදයක් හෙට (29) සිට ක්රියාත්මක කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්රාදේශීය කාර්යාලවලින් එක්දින හෝ සාමාන්ය සේවා යටතේ විදේශ ගමන් බලපත්ර ලබාගැනීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන් කලින් දිනයක් සහ වේලාවක් මාර්ගගතව වෙන්කර ගැනීම අනිවාර්ය වේ.
දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පමණක් අදාළ ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, බත්තරමුල්ල සුහුරුපාය පිහිටි ප්රධාන කාර්යාලයෙන් සේවා ලබාගන්නා අයදුම්කරුවන්ට මෙම නව වේලාවන් වෙන්කර ගැනීමේ ක්රමවේදය අදාළ නොවේ.
ඒ අනුව ප්රධාන කාර්යාලයෙන් සේවා ලබාගන්නා අයට පෙර පරිදිම පූර්ව වේලාවක් වෙන්කර ගැනීමකින් තොරව සතියේ වැඩ කරන දිනවල පෙරවරු 7.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ අයදුම්පත් භාරදිය හැකිය.