‘වස් කවියක්’ ගැන අසත්ය වීඩියෝවක් සමාජ මාධ්යයට මුදාහැරීමේ සිද්ධියට පුළුල් විමර්ශනයක්
Sri Lanka Police
Viral Video
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
‘වස් කවියක්’ ලියූ බවට සැකපිට තරුණයකු දෙමටගොඩ පොලිසියට කැඳවා ප්රකාශයක් සටහන් කරගත් බවට දැක්වෙන අසත්ය තොරතුරු ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත පොලිස් මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි.
අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්රචාරණ කටයුතු සිදුකළ බවට කියන නීතිඥ සුදර්ශන වික්රමරත්න මහතා ඊයේ (26) මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ප්රකාශයක් සටහන් කරගෙන ඇති බව ද පොලිස් මාධ්ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.