අලුත් පිරිසකට ගුරු පත්වීම් ලැබෙන ආකාරය ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්.

Ministry of Education A D Susil Premajayantha Ceylon Teachers Service Union Sri Lankan Schools Education
By Wayomi Jan 24, 2024 08:02 AM GMT
Report

තෝරාගත් විෂයන් කිහිපයක් සඳහා ගුරුවරු 5,500ක් අලුතින් බඳවා ගැනීමට ගැසට් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඔහු ,මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.

ඒ, අනුව රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා සඳහා එම ගුරු පත්වීම් ලබාදීමට නියමිතයි.

සියලු ජනතාවට වැදගත් තීරණයක් ගැන අද පාර්ලිමේන්තුවේ කතා වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

සියලු ජනතාවට වැදගත් තීරණයක් ගැන අද පාර්ලිමේන්තුවේ කතා වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)


එමෙන්ම ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ, 22,000ක් උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස 9ක් පුරා පෙත්සම් විභාගය පවත්වා අවසන් බවත් එහි තීන්දුව ලබන සතියේ ලබාදෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, නමුත් ඒ පිරිස මේ වනවිටත් පාසල්වල සිටින බැවින් ගුරු පුරප්පාඩු ලෙස පවතින 40,000ක ප්‍රමාණයෙන් අදාළ පිරිස ඉවත් කළ යුතු බවත්ය.

කෙසේ වෙතත් ඊට අමතරව ගුරු පත්වීම් 13,500ක් ලබාදීමට පළාත් සභා සියල්ල මේ වනවිට කටයුතු සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුත්ත හේතුවෙන් එය ද ප්‍රමාද වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.


                                                                           Sponsored By Sarrita Jewellery

අලුත් පිරිසකට ගුරු පත්වීම් ලැබෙන ආකාරය ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්. | Teacher Appointments For New Batch