මොනවද මේ Surface Web, Deep Web සහ Dark Web.

By Wayomi May 15, 2022 11:32 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පරිගණකයක් එහෙන් මෙහෙන් අතපත ගෑවට අපි නොදන්නා බොහෝ දේ තිබිය හැකියි. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ කරුණු කිහිපයක් ගැන. Deep Web/ Dark Web කියන වචන දෙක මීට කලින් ඔබ අහලත් ඇති. ඒත් ඒ මොනවද කියලා නම් හරි හැටි නොදන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ ගැන ගැඹුරින් අධ්‍යනය කරනවට වඩා ඒවායේ ගුණ අගුණ විතරක් දැනගත්තෝත් හොඳටම ඇති. මොකද, Deep Web/ Dark Web කියන්නේ නීතිවිරෝධී වෙබ් ජාලා දෙකක්.

Surface Web

ඔබට පුළුවන් සාමාන්‍ය browse එකකින් හරිම පහසුවෙන් www.google.com වගේ address එකක් ගහලා ඒ අදාළ වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් Google, වගේම Yahoo, Bing වගේ සර්ච් එන්ජින් එකකින් ඔයාට ඕන වෙබ් අඩවියක් හොයාගන්න. ඒ විදිහට සාමාන්‍ය browse එකක් (Chrome, Firefox, Edge ආදී) භාවිතයෙන්, Access කරන අන්තර්ජාලයේ කොටසට අපි කියන්නේ Surface Web කියලා.


Deep Web

Deep web කියලා හඳුන්වන්නේ WWW නොහොත් World Wide Web එකේම කොටසක්. හැබයි මේකේ තියෙන වෙනස තමයි, Google වගේ Search Engine එකකට මේකේ තියෙන වෙබ් පිටු අහු නොවීම. මේ Deep Web අඩවි වලට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන browse එකක් ආධාරයෙන් පිවිසෙන්න පුළුවන්. site index වෙන්නේ නැහැ. ඒ, කියන්නේ මේ web අඩවියක තියෙන තොරතුරු Google එකෙන් search කළාට අහුවෙන්නේ නැහැ.

මේකට අයිති වෙන්නේ රජයේ වෙබ් අඩවි, විවිධ විද්‍යාත්මක පර්යේෂණ දත්ත අඩංගු අඩවි, විවිධ රහසිගත වාර්තා ආදියයි. හැබැයි නිවැරදි Login details යොදාගෙන මේ අඩවි වල තොරතුරු සාමාන්‍ය වෙබ් බ්‍රවුසර් එකකින් බොහෝ විට ලබාගන්න පුළුවන්.


Dark Web

(Dark) ඒ කියන්නෙ මේ කොටස නම් අපිට අපේ Chrome Browser එකෙන් වත්, Firefox Browser (Original Firefox browser) එකෙන්වත්, Internet Explorer එකෙන්වත්, Access කරන්න බැහැ. මේක Access කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලින් තමයි මේ ගැඹුරේ තියෙන network වලට පිවිසෙන්න පුළුවන් කම ලැබෙන්නේ.

Dark Web එක අස්සේ විවිධ network ගොඩක් තියෙනවා. මේවායින් කරන්න පුළුවන් බොහෝ දේ නීති විරෝධීයි. එහෙම ජාල කිහිපයක් තමයි මේ, හැබැයි මීට වඩා විශාල ජාල ප්‍රමාණයක් තියෙනවා කියලා මතක තියාගන්න.

* Tor Network

* i2P Network

* Freenet

මේ අතරින් වැඩි දෙනෙක් භාවිතා කරන සහ ප්‍රසිද්ධ ජාලය තමයි Tor Network එක. ගොඩක් අය Dark Web කියලා කියන්නෙත් මේ Tor ජාලයට. ඒත් Tor Network එක කියන්නේ Dark Web එකටම අයිති එක පොඩි කොටසක් විතරයි.



Gallery