රෝහල් ප්‍රතිකාර අවසන් - සුරේෂ් සලේ යළි CID භාරයට
CID - Sri Lanka Police
Easter Attack Sri Lanka
Latest Headlines
Sinhala news
Suresh Salley
By R.rishma
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
වෛද්‍ය කමිටුවේ නිර්දේශය අනුව සුරේෂ් සලේ මහතාට රෝහලෙන් පිටව යාමට හැකි බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
මේ අතර, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා අද පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීමට කටයුතු කරන බවයි.