ශිරන්ති රාජපක්ෂට 13 වැනිදා FCID හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දෙයි

Shiranthi Rajapaksa Latest Headlines Sinhala news FCID - Financial Crimes Investigation Division
By R.rishma Oct 06, 2026 04:39 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඔක්තෝබර් 13 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

විදෙස්ගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණියාය.

ඇය ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන්කර ඇති ‘ගෝල්ඩ් රූට්’ පහසුකම භාවිත කර ඇති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට මීට පෙර දැනුම් දී තිබුණි.   

කෙසේ වෙතත්, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක්ද ඉදිරිපත් කර තිබේ.