හූනෙක් ඇගට වැටුනොත් මොනා වෙයිද..?

Sri Lanka
By Subodha Jul 08, 2022 04:35 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අතීතයේ සිට අද දක්වාම හූනෙක් ඇගට වැටුනොත් අපි දුවගෙන ගිහින් බලන්නේ ගෙදර තියෙන ලිත දිහා මොකද වෙන්නේ කියලා. ඒ් අපේ හිත තුල කියන ජිවිතය ගැන තියන බයට කිවුවෙත් මම හිතන්නේ මම හරි. සූනෙකු ඇඟට වැටීම කිසියම් සුබ හෝ අසුබ දෙයක පෙරනිමිත්තක් ලෙස පුරාතනයේ පටන් අදටත් ලෝකවාසී බොහෝ ජන සමාජයන්අතර විස්වාසයක් පවතී. හූනා පමණක් නොව කටුස්සාද ඇඟට වැටීම් සිදුවන අවස්තා ස්තාන අනුව පලාඵල කියැවේ. ඉතිං අද අපි කියන්නෙත් හූනන් ඇඟේ වැටුණාම ඇති වෙනවා කියල කියන පලාඵල කිහිපයක් ගැන.

  • හිස - කලහ
  • මුහුණ - බන්ධු දර්ශන (ඥාති/මිතුරු හමුවක්)
  • බැම මැද - බන්දු නාශ (සමීපතමයන්ට විපත්)
  • බැම - රජුන්ගෙන් ගෞරව
  • ඇස - සිර භය
  • නාසය - ව්‍යාධි (රෝග/අසනීප)
  • උඩුතොල - වස්තු හානි
  • මුඛය - භය
  • යටිතොල - වස්තු ලැබීම
  • නිකට - රාජ දඬුවම්
  • දකුණු කණ - දීර්ඝායු
  • පපුව - ධන ලාභ
  • තනය - උතුම් ගෞරවයන්
  • නළල - මරණ
  • බඩ - ධන ලාභ
  • දකුණු ඇල - දියුණු වීම
  • වම් ඇල - මරණය
  • නාසය - ව්‍යාධි (රෝග/අසනීප)
  • පිට කොන්ද - ද්‍රව්‍යය ලාභ
  • උඩු තොල - වස්තු හානි
  • පිට - සුභ සම්පත්
  • මුඛය - භය
  • ලිඟුව - දරිද්‍ර (ආර්ථික හානි)
  • යටිතොල - වස්තු ලැබීම
  • යෝනිය - පුරුෂයාට මරණය
  • නිකට - රාජ දඩුවම් වම්
  • අත ඇඟිලි - මිත්‍රයන් කළහ
  • දකුණු කණ - දීර්ඝායු
  • ගුදය - වස්තු ලාභ
  • වම් කණ - වෙළඳ ලාභ
  • කලව - දියුුුුණුව
  • හිසකෙස් - මරණය
  • දකුණු කෙන්ඩ - බොහෝ පාඩු
  • බෙල්ල - සතුරු හානි
  • වම් කෙන්ඩ - කලහ
  • දකුණු උර - නිරෝගි කම 
  • ඇස්ව‍ට - සැප
  • වම් උර - ස්ත්‍රී සැප
  • දකුණු පාදය - දුක්
  • වම් වළලුකර - කීර්ති
  • දකුණු පාදයේ ඇඟිලි - රාජ භය
  • දකුණු අත - පෙම්වතියට මරණය
  • වම් පාදයේ ඇගිලි - රුදු සහිත‍ රෝග
  • වම් අත - ශෝක මරණ
  • නියපොතු - ධන හානි
  • දකුණු අත ඇගිලි - රාජ සම්මාන
  • ශරීරයේ දිව්වේ නම් - දීර්ඝායුෂ  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now