ප්‍රධාන පාසලක කාටත් හොරාම සිදුවන මගඩිය - විදුහල්පති බන්ධනාගාරයට..?

Panadura Bribery principle sumangala vidyalaya
By Sewvandhi Jan 29, 2022 05:04 AM GMT
Report

පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කිරීමට රුපියල් එක්ලක්ෂ 50,000 ක මුදලක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පානදුර ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයා ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු ඊයේ (28) පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා සැකකාර විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව එය ලක්ෂ එකහමාරකට අඩුකරගෙන තිබෙනවා.

පසුව එම මුදල දරුවාගේ පියා විසින් ඊයේ දිනයේ දී සැකකාර විදුහල්පතිවරයාට ලබාදීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now