පාසලක පංති කාමරයක් තුල තරුණයෙක් සියදිවි හානිකරගනී..සංවේදී සටහනක් ද හමුවෙයි.(PHOTOS)

Jaffna Sri Lanka Accident
By Aruna Nov 15, 2022 05:17 AM GMT
Report

පාසලක පංති කාමරයක් තුල ගෙල වැලලාගෙන සිටියදී 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පාචිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුඛමලෙයි ප්‍රදේශයේ පිහිටි රේමන් කතෝලික දෙමළ කලවන් පාසලේ පන්ති කාමරයක එල්ලෙමින් සිටි 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුර හමුවී ඇත.

මෙම මළසිරුර එම පාසලේම ගුරුවරයෙකු විසින් මුලින්ම හඳුනාගෙන එය ගම්වාසීන්ට දැනුම් දී තිබේ.

පසුව පලෙයි පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙම 21 හැවිරිදි තරුණයා විසින් දෙමළ බසින් ලියූ සංවේදී සටහනක්ද හමුවී තිබේ.

එහි ලියා තිබුණේ,

"ආයුබෝවන්!

මගේ ගෙලවැළලා ගැනීමට කවුරුත් වඟකියන්න ඕන නැහැ, ඒකට හේතුව මං විතරයි.

මේ ලෝකෙ ජීවත් වෙන්න මං කැමති නැහැ. මගේ මරණයට කවුරුත්, කාටවත් දොස් කියන්න එපා.

මගේ අම්මා,තාත්තා,අක්කා ආච්චිඅම්ම ඇතුලු හැමෝටම කියන්නෙ මං නැති වෙච්ච හේතුවට කවුරුත් කාත් එක්කවත් රන්ඩු කරන්න එපා.

ඒක තමයි මගේ අන්තිම කැමැත්ත."

ඔහු විසින් ලියන ලද සංවේදී සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery