පෙමක පැටලුණු පාසල් සිසුවා වැලන්ටයින් දවසෙ කරගත් මහා අපරාධය..ගමම කම්පා කරයි..

Police Accident Suicide School children Dabagalla
By Aruna Feb 15, 2022 08:08 AM GMT
Report

දඹගල්ල පොලිස් වසමේ මාරිඅරාව පල්ලේවෙලබැද්ද පදිංචි දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ඊයේ (14දා) සියදිවිහානි කරගෙන ඇතැයි දඹගල්ල පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාරිඅරාව පාසලක දොළොස් වන වසරේ ඉගෙනුම ලබන කේ.ජී අකිල දිල්ශාන් නැමති පාසල් සිසුවෙක්.

මෙලෙස මියගිය තරුණයාගේ මළසිරුර නිවස අසල තිබියදී නිවැසියන්ට හමුවී තිබේ.

ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීම හේතුවෙන් සිත්තැවුලට පත්ව මෙම ශිෂ්‍යයා සියදිවි හානිකරගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

මියගිය සිසුවාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

දඹගල්ල පොලිසිය ස්ථානාධිපති එච්.ජී.එස් ජයවීර මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now