තරුණ වෙෙද්‍යවරයෙක් සහ කැම්පස් සිසුවියක් සියදිවි හානි කර ගනී..
මොණරාගල දිස්ත්‍රික් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු ගෙළවැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
වැලියාය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී ඊයේ මෙම සියදිවි හානි කර ගැනීම සිදුකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියයෑමට පෙර, 42 හැවිරිදි මෙම වෛද්‍යවරයා තමාගේ මරණය සම්බන්ධයෙන් කිසිවකු සැක නොකරන ලෙසට ලියන ලද ලිපියක්ද සොයාගැනුනා.
පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදු කර ඇති අතර එහිදී මෙය ගෙළවැළලාගෙන සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් බව සනාථ වී තිබෙනවා.
මේ අතර, යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුවියක් විශ්ව විද්‍යාලයීය නේවාසිකාගාරයක් තුළදී ගෙළ වැළලාගෙන ඊයේ (03) දා මියගොස් තිබෙන තවත් අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
මෙම සිසුවිය මන්නාරමේ පදිංචිකාරියක් වන අතර යාපනයේ කලට්ටි ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයට අයත් සිසු නේවාසිකාගාරයක් තුලදී මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තවත් සහෝදර සිසුවියන් පිරිසක් ඇය සමඟ මෙම නේවාසිකාගාරයේ වාසය කොට ඇති අතර ඔවුන් එහි නොමැති අවස්ථාවක් බලා සිසුවිය ලණුවකින් බාල්කයේ එල්ලි සිය දිවි හානිකරගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගිය සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.