පාසල් සිසුවියන් රැසක් මත්කොට කාමුක චිත්‍රපට සෑදූ සිසුන් - මෙරටින් ඇසෙන අති බිහිසුණු පුවත..

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 18, 2023 01:33 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පාසල් සිසුවියන් සහ උසස් අධ්‍යාපනය හදාරන තරුණියන් ගණනාවක් සමඟ ප්රේම සම්බන්ධතා පවත්වා ගෙන යමින් ඔවුන් මහනුවර දෙවන රාජසිංහ මාවතේ ලැගුම්හලක් වෙත රැගෙන ගොස් මත් කොට දූෂණය කර එම නිරුවත් දර්ශන සැලසුම් සහගතව කාමුක චිත්රපට ආකාරයෙන් වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත් වූ මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පාසල් සිසුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.ඒ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් හා රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු ඇගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

පාසල් සිසුවිය පොලීසියට පවසා ඇත්තේ, තමා සංචාරක නිකේතනයකට රැගෙන ගොස් පෙම්වතා විසින් බීම වර්ගයක් සමඟ මත්ද්‍රව්‍යයක් මිශ්‍ර කර තමාට ලබාදුන් බවත් ඉන් පසු සිදු වූ කිසිවක් මතක නොමැති බවත්ය.

පැමිණිල්ල කළ සිසුවිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන සිසුන් දෙදෙනා අතරින් එක් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. පොලිස් විමර්ශන මගින් හෙළිව ඇත්තේ, ඔහු සිසුවියගේ නිවසේදීම අවස්ථා කිහිපයකදී ඇයව දූෂණයට ලක්කර තිබෙන බවයි.

පසුව ඔහු එම ප්‍රේම සම්බන්ධය අත්හැර තිබෙන අතර ඊට දින කිහිපයකට පසු වෙනත් සිසුවෙකු දිගින් දිගටම ඇයගේ දුරකතනයට කෙටි පණිවිඩ මගින් ප්‍රේමය ප්‍රකාශ කර ඇත. ඒ බව පැරණි පෙම්වතාට දැනුම් දුන් අවස්ථාවේ තමන් අලුතින් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බැවින් කැමැති දෙයක් කරන ලෙස ඔහු සිසුවියට පවසා තිබේ. කෙටි කලකදී සිසුවිය කෙටි පණිවිඩ එවූ සිසුවා සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇත.

පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබෙන්නේ, එම සම්බන්ධය ආරම්භ කොට ටික දවසකින් පෞද්ගලික පංතියක් නිමවූ අවස්ථාවේ නිවසට ඇරලවන බව පවසා ඔහු ඇයව ත්‍රීරෝද රථයකින් දෙවන රාජසිංහ මාවතේ පිහිටි ලැගුම් හලක් වෙත රැගෙන ගොස් බීමට යමක්දී මත් කර දූෂණය කර එම නිරුවත් කාමුක දර්ශන වීඩියෝ ගතකර ඇයගේ නිරුවත් දර්ශන රැසක් රූගත කර තිබෙන බවයි.

ඉන්පසු එම දර්ශන සිසුවියගේ දුරකතනයට යොමු කරමින් බියකර නිතර, නිතර ඇයව අදාළ අවන්හල වෙත රැගෙන යමින් දූෂණයට ලක්කර තිබෙන අතර ඇගේ පළමු පෙම්වතා ද ඊට සම්බන්ධ වෙමින් සිසුවියගේ නිරුවත් දර්ශන මිතුරන්ගේ ජංගම දුරකතන වලට මෙන්ම අන්තර්ජාලයට යොමුකර තිබෙන බව වාර්තාවනවා.

සැකපිට අත්අඩංගුවට ගත් එක් සිසුවෙකුගේ ජංගම දුරකතනයේ තිබී පාසල් සිසුවියන්ද ඇතුළුව ඔහු විසින් දූෂණය කළ බවට සැක කරන තරුණියන් රැසකගේ කාමුක නිරුවත් වීඩියෝ දර්ශන සොයා ගෙන තිබේ.පොලීසිය විසින් ,මහනුවර දෙවන රාජසිංහ මාවතේ පිහිටි එකම පුද්ගලයකුට අයත් ලැගුම්හල් දෙකකට මෙම සිසුවිය රැගෙන ගොස් තිබෙන අතර බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු කිසිදු සොයා බැලිල්ලකින් තොරව පාසල් සිසුන්ට එහි නවාතැන් ලබා දුන් එහි හිමිකරු හා කළමනාකරු අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අන්තර්ජාලයට මුදාහැර තිබූ නිරුවත් දර්ශන සහිත වීඩියෝව සිසුවිය අධ්‍යාපනය ලබන මහනුවර බාලිකා විද්‍යාලයට දක්නට ලැබී තිබේ. ඉන්පසු පාසලේ පාලනාධිකාරිය විසින් සිසුවිය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. මෙම සිදුවීමට සම්බන්ධ සිසුවිය මෙන්ම උසස් පෙළ හදාරන සිසුන්ද මහනුවර පාසල්වල අධ්‍යාපනය හදාරන්නන් වන අතර මහනුවර අවට පදිංචිකරුවන් බවද පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවින්දි වික්රමසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වන අතර මෙම කාමුක දර්ශන මුදල් ලබාගෙන අන්තර්ජාලය වෙත යොමු කොට ඇත්දැයි සැකය මත විශේෂ විමර්ශනයක්ද ආරම්භ කොට ඇත.